තවත් ඔන්ලයින් ජාවාරමක් හෙලිවේ - මහමොලකරු චීනෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
22

තවත් ඔන්ලයින් ජාවාරමක් හෙලිවේ - මහමොලකරු චීනෙක්

තවත් ඔන්ලයින් ජාවාරමක් හෙලිවේ - මහමොලකරු චීනෙක්

මහා පරිමාණයෙන් සංවිධානාත්මක ඔන්ලයින් මුදල් වංචා කිරීමේ ජාවාරමක් පවත්වගෙන ගිය චීන ජාතිකයන් 18 දෙනෙකු මැලේසියාවේදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

ක්වාලාලම්පූර් අගනුවර කේන්ද්‍ර කරගෙන මාස ගණනාවක් තිස්සේ ඔවුන් මෙම වංචාව සිදුකර ඇති බවත්, එහිදී ඔවුන් විසින් වංචා කර ඇති මුදල කොතෙක්දැයි මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවත් මැලේසියානු පොලිසිය සදහන් කරයි.

 

 

මෙම වංචාව සදහා යොදාගත් පරිගණක ඇතුලු තාක්ෂණික උපකරණ රැසක්ද අත්අඩංගුවට ගත් බව මැලේසියානු ⁣පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

views

857 Views

Comments

arrow-up