13 හැවිරිදි දැරියක් අපයෝජනය කල පියා ඇතුළු 5ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

13 හැවිරිදි දැරියක් අපයෝජනය කල පියා ඇතුළු 5ක් අත්අඩංගුවට

13 හැවිරිදි දැරියක් අපයෝජනය කල පියා ඇතුළු 5ක් අත්අඩංගුවට

නාවලපිටිය ප්‍රදේශයේ 13 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් වාර්තාවේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ විමර්ශනවලින් පසු කාන්තාවක් සහ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

 

අත්අඩංගුවට පත්වූවන් අතර දැරියගේ පියා ද සිටින බව වාර්තාවේ.

 

ඒ සඳහා ආධාර අනුබල දුන් කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

 

කාන්තාව හා පියා ඇතුළු පුද්ගලයින් 5 දෙනා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇති අතර මෙම දැරියව අපයෝජනය කළ තවත් පුද්ගලයින් 6 දෙනෙකු පිළිබඳව තොරතුරු ලැබී ඇති බව නාවලපිටිය පොලීසිය පවසයි.

views

1515 Views

Comments

arrow-up