පෞද්ගලික අංශයේ අවම මාසික වැටුප ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
08

පෞද්ගලික අංශයේ අවම මාසික වැටුප ඉහළට

පෞද්ගලික අංශයේ අවම මාසික වැටුප ඉහළට

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම මාසික වැටුප වැඩි කිරීම සඳහා වේතන පනත් කෙටුම්පතේ 3 වන වගන්තිය සංශෝධනය කිරමින් මෙතෙක් පැවති රුපියල් දස දහසක් වන අවම වැටුප රුපියල් 12,500 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.

 

මීට අමතරව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ දෛනික වැටුපද රුපියල් 400යේ සිට 500 දක්වා ඉහළ දැමීමටද නීති සංශෝධනය කර තිබේ.

 

කම්කරු අමාත්‍යාංශයේ උපදේශකාරක සභාවේදී ඊයේ(07) මේ පිළිබදව සාකච්ඡා වී ඇති අතර, එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුකූල බවත්, පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කිරීමට අවධානය යොමු වූ බවත්, පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනය කරනලදී.
 

views

852 Views

Comments

arrow-up