රෝහලින් මුදාහැරුණු රැදවියන් යළි වෙනත් බන්ධනාගාර වෙත - රැදවියන් 28ක් තවමත් රෝහලේ

මහර බන්ධනාගාරයේ ඇති වූ කලහාකාරී සිද්ධියෙන් රෝහල් ගත කළ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 108 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.
තුවාල ලැබූවන් අතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුද සිටින බව ඒ මහතා සඳහන් කළා.
බොහොමයක් තුවාල ලැබූවන් ප්‍රතිකාර ලබා රෝහලෙන් මුදාහැර ඇති අතර ඔවුන් විවිධ ප්‍රදේශවල බන්ධනාගාර වෙත යොමු කර තිබෙනවා.
ඒඅනුව රාගම රෝහලේ රැඳවියන් 27 දෙනෙකු සහ ජාතික රෝහලේ ක් රැඳවියෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවයි පැවසෙන්නේ.
බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ක්‍රියාත්මක කර තිබෙනවා.
එම සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව 11 ක් ලෙසයි වාර්තා වන්නේ.
628 Views
Comments