වැලිසර නාවික කඳවුරේ 95 කට කොරෝනා

මේ දක්වා වැලිසර නාවික ටහමුදා කඳවුරේ නිලධාරීන් 95 දෙනෙක් කොරෝනා ආසාදිතව හමුවී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටිනවා.
වැලිසර කඳවුරේ දී නිලධාරීන් 68 දෙනෙක් සහ නිවාඩු ලබා සිටි නිලධාරීන් 27 දෙනෙකු මෙලෙස කොරෝනා රෝගය ආසාදිත බව සොයාගෙන ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.
මේ අතර, අද දිනයේදී වාර්තා වූ කොරෝනා රෝගීන් 11 දෙනාගෙන් දස දෙනෙකුම නාවික හමුදා නිලධාරීන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පවසා සිටිනවා.
736 Views
Comments