NOV
11
වැඩි මිලට බිත්තර විකිණූ නිසා මිලියනයක දඩයක්..!

උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අලෙවි කළ හංවැල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලකට එරෙහිව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 1,020,000ක දඩ මුදලක් නියම කර තිබෙනවා.
ඒ අනුව එම දඩ මුදල සඳහන් වන්නේ මෙතෙක් බිත්තර වැඩි මිලට විකිණීමට එරෙහිව පැනවූ වැඩි ම දඩ මුදල ලෙසයි.
මේ අතර, වෙළදපලේ යළි බිත්තර හිඟයක් මතුව තිබෙනවා.
පාරිභෝගිකයින් පවසන්නේ රජයේ පාලන මිල ඉක්මවා වෙළඳුන් බිත්තර අලෙවි කළ ද වෙළඳපල තුල බිත්තර ප්‍රමාණවත් ලෙස නොමැති බවයි.
215 Views
Comments