දිස්ත්‍රික්ක රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි - මුහුදු ප්‍රදේශද රලුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

දිස්ත්‍රික්ක රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි - මුහුදු ප්‍රදේශද රලුවේ

දිස්ත්‍රික්ක රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි - මුහුදු ප්‍රදේශද රලුවේ

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.             

 

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත හෝ වයඹ දිශාවලින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. කොළඹ සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50පමණ දක්වා වැඩි විය හැක.

 

කොළඹ සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට තරමක් රළු විය හැක.

views

772 Views

Comments

arrow-up