පාර්ලිමේන්තු යන්න ගිය මන්ත්‍රී අර්ච්චුනා පොලීසියත් එක්ක පැටලෙයි (VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ ආරවුලක් ඇති කරගෙන තිබේ.
මන්ත්‍රීවරයාගේ රථයෙහි VIP විදුලිපහන් දල්වමින් අනෙකුත් වාහනවලට බාධාවන ආකාරයට ධාවනය කිරීම හේතුවෙන් පොලීසිය විසින් රථය නවත්වා ඇත.
ඒ හේතුවෙන් මන්ත්‍රීවරයා රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් සමග ගැටුමක් ඇති කරගෙන ඇති අතර, එහිදී පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරයාගෙන් හැඳුනුම්පත සහ රියදුරු බලපත්‍රය ඉල්ලා සිටී.
එම ලියකියවිලි ලබාදීම ප්‍රතික්ෂේප කරමින් මන්ත්‍රීවරයා කලහාකාරීව හැසිරී ඇති අතර, ඔහු අද (21) උදෑසන පාර්ලිමේන්තු බලා එන අවස්ථාවේ මෙම සිදුවීමට මුහුණ පා තිබේ.
98 Views
Comments