21 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි කල බස් - යතුරුපැදි අනතුර
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
15

21 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි කල බස් - යතුරුපැදි අනතුර

21 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි කල බස් - යතුරුපැදි අනතුර

ඊයේ (14) අලුයම තණමල්විල පොලිස් වසමේ තණමල්විල, උඩවලව ප්‍රධාන මාර්ගයේ 25 කණුව ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් තරුණයෙක් මියගොස් තිබේ.

 

තණමල්විල දෙස සිට උඩවලව දෙසට ධාවනය වූ බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධව දෙසින් පැමිණි යතුරුපැදියක් එකිනෙක ගැටී අනතුර සිදුව තිබුණි.

 

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකරු ප්‍රතිකාර සඳහා තණමල්විල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

 

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 21ක් වූ සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මෘත ශරීරය තණමල්විල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. 

 

අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

124 Views

Comments

arrow-up