රුසියාවේ කොන්දේසියකට යුක්රේනය එකඟයි

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි රුසියාව විසින් යුද්ධය නතර කිරීම සඳහා ඉදිරිපත් කළ කොන්දේසි හයෙන් ප්‍රධාන කොන්දේසියක් වූ යුක්රේනය කිසිම සංවිධානයකට හෝ රාජ්‍යයකට පක්ෂ පාති නොවූ ස්වාධීන රාජ්‍යයක් විය යුතුයි යන කොන්දේසිය සලකා බැලීමට සුදානම් බව රුසියානු නිදහස් පුවත් සේවයකට විනාඩි 90 ක සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවසා තිබේ.
රුසියාව සමග යුද්ධය සඳහා නතර කිරීම සඳහා යුක්රේනය අපක්ෂපාති රාජ්‍යයක් වීමට ලෙස තම රාජ්‍ය ස්ථාවරය වෙනස් කිරීමට සුදානම් වුවත් එය යුක්රේනය තුළ ජනමත විචාරණයකින් අනුමත විය යුතු යැයි ජනාධිපති සෙලෙන්ස්කි පැහැදිලි කර ඇත.
633 Views
Comments