ත්‍රීරෝදකරුවන් සහන ඉල්ලා වීදි බසී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

ත්‍රීරෝදකරුවන් සහන ඉල්ලා වීදි බසී

ත්‍රීරෝදකරුවන් සහන ඉල්ලා වීදි බසී

ලීසිං සහන සහ ඉන්ධන සහනය ඇතුළු තවත් සහන කිහිපයක් ලබාදෙන්නැයි ඉල්ලමින් මාවනැල්ල ඒකාබද්ධ ත්‍රිරෝද රථ සේවා සංගමයේ සමාජිකයින් එක්ව බෙලිගම්මන සිට රථ පෙළපාලියකින් පැමිණි මාවනැල්ල ප්‍රධාන බස් නැවතුම ඉදිරිපිටදී ඊයේ(21) උදෑසන සාමකාමී විරෝධතාවක නිරතවිය.

 

මාවනැල්ල ඒකාබද්ධ ත්‍රිරෝද රථ සේවා සංගමය එක්ව සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරය උදෑසන 9.20ට පමණ ආරම්භ කරමින් විරෝධතා ව්‍යාපාරයට එක්වූ ත‍්‍රිරෝද රථවල “ඉන්ධන සහන ලබාදෙනු, ලීසින් සහන ලබාදෙනු, ලියාපදිංචි ත‍්‍රිරෝද රථ ගාල්වල අයිතිය ලබාදෙනු” යැයි විවිධ සටන් පාඨ සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් බෙලිගම්මන සිට මාවනැල්ල නගරය ප්‍රධාන බස් නැවතුම දක්වා පැමිණියේය.

views

681 Views

Comments

arrow-up