සීනි පාලන මිලත් ඉවත් කරයි - සහලුත් පිට රටින්

සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට සිට සීනි කිලෝවක තොග මිල රු.135ත් 140ත් අතර පැවතිය හැකි අතර සිල්ලර මිල රුපියල් 150ක් පමණ වනු ඇති.
මේ වන විට මෙරටට ආනයනය කර ඇති සීනි කන්ටේනර 976ක් ගාස්තු ගෙවීමට නොහැකිව වරායේ සිර වී ඇති බව සීනි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරනවා.
මීට පෙර රජය විසින් සහල් සඳහා පණවා තිබූ පාලන මිල ඉවත් කළ අතර ඒත් සමගම ඉහළ ගිය සහල් මිල පාලනය කිරීම සඳහා සහල් පිටරටින් ආනයනය කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබෙනවා.
1642 Views
Comments