පොලිස් හා මැතිවරණ කොමිසම්වල නව සාමාජිකයින් වැඩ අරඹයි

නව සාමාජිකයින් සමගින් මැතිවරණ කොමිසම සහ පොලිස් කොමිසම වැඩකටයුතු ආරම්භ කළා.
ජනාධිපතිවරයා ගේ නිර්දේශ මත පසුගියදා පාර්ලිමේන්තු සභාවේ නිර්දේශ හිමිවූ නව සාමාජිකයින් අද දිනයේ දී මෙලෙස වැඩ බාර ගත්තා.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා සහ සෙසු සාමාජිකයින් වන එම් එම් එම් මොහොමඩ්, ඒස් බී දිවාරත්න, කේ පී පී පතිරණ සහ ජීවන් ත්‍යාගරාජා යන අය මෙලෙස වැඩ කටයුතු ආරම්භ කළා.
පොලිස් කොමිසමේ සභාපතිවරයා වන හිටපු පොලිස්පති වරයෙකු වන ්ද්‍රා ප්‍රනාන්දු මහතා කොමිසමේ සෙසු සාමාජිකයින් වන සිරිසේන ලියනගම, ප්‍රියන්ත සංජීව, එන් එස් එම් සංසුදීන් , එන් සී පේමසිරි පෙරේරා, පී බී පරමේශ්වරන්, ගුණපාල වික්‍රමගේ යන අය අද උදෑසන වැඩකටයුතු අරඹා තිබෙනවා.
566 Views
Comments