OCT
23
අද දිනයේ කොරෝනා ආසාදිතයින් 609ක් වාර්තා වෙයි

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 609ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. මෙලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයට සම්බන්ධ ආසාදිතයින් 496ක් ද සිටින බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.
ඊට අමතරව ගාල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 5 දෙනෙක් ද, බේරුවල ප්‍රදේශයෙන් 20ක් ද සිටිනවා. නිරෝධායන මධ්‍යස්ථාන වලින් ආසාදිතයින් 48ක් සහ ආශ්‍රිතයින් 40ක් ද ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.
679 Views
Comments