OCT
17
ජින්තුපිටිය කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්ට අද PCR පරීක්ෂණ

කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයෙන් සොයා ගත් කොරෝනා ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින්ට අද (17) දිනයේ PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.
කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ දිනුකා ගුරුගේ මහත්මිය පැවසුවේ අද දිනයේ PCR පරීක්ෂණ 100 ක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.
මෙම සතිය පුරාම අහඹු ලෙස සාම්පල් ලබාගැනීම් සිදු කර PCR පරීක්ෂණ සිදු කළ බව ද වසංගත රෝග වෛද්‍යවරිය සඳහන් කළාය.
794 Views
Comments