ඊයේ අමෙරිකාවෙන් පමණක් ආසාදිතයින් 183,000ක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
14

ඊයේ අමෙරිකාවෙන් පමණක් ආසාදිතයින් 183,000ක්

ඊයේ අමෙරිකාවෙන් පමණක්  ආසාදිතයින් 183,000ක්

දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඊයේ දිනයේදී අමෙරිකාවෙන් වාර්තා වු අතර එම  සංඛ්‍යාව 183,527ක් වන අතර පුද්ගල මරණ 1,395ක් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටිනවා.

 


මේ අතර ඊයේ දිනයේදී ලොවපුරා  කොරෝනා ආසාදිතයින් 656,455ක සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. එය දිනක් තුල වාර්තා වූ වැඩිම ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

 


ඊයේ දිනයේදි ප්‍රංශයෙන් මරණ 932ක්, බ්‍රසීලයෙන් මරණ 614ක්,  මෙක්සිකෝවෙන් 626ක් සහ ඉතාලියෙන් මරණ 550 ක් වාර්තා වී තිබෙනවා. ඊයේ දිනයේදී වාර්තා වූ ගෝලීය මරණ සංඛ්‍යාව 9,945ක්.

 


ලොව දෙවැනියට වැඩිම ආසාදිතයින් වාර්තා වී තිබෙන අසල්වැසි ඉන්දියාවෙන් ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයින් 45,343ක් සහ මරණ 539ක් වාර්තා වුවා.

 


ඊයේ දිනයේදී ඉතාලියෙන් කොරෝනා ආසාදිතයින් 40,902ක්, ප්‍රංශය 23,794ක්, බ්‍රසීලයෙන් 35,849ක් එංගලන්තයෙන් 27,301ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

 

views

623 Views

Comments

arrow-up