අරගලයට එක්වී රැකියා අහිමි කරගත් පොලිස් නිලධාරීන් තිදෙනා යළි රැකියාව ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
07

අරගලයට එක්වී රැකියා අහිමි කරගත් පොලිස් නිලධාරීන් තිදෙනා යළි රැකියාව ඉල්ලයි

අරගලයට එක්වී රැකියා අහිමි කරගත් පොලිස් නිලධාරීන් තිදෙනා යළි රැකියාව ඉල්ලයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා ගාලුමුවදොර පැවැති අරගල භූමියේ වේදිකාවට ගොඩවීම නිසා සේවය අහිමි වූ පොලිස් නිලධාරීන් තිදෙනාට යළි රැකියාව ලබාදෙන ලෙස එම අරගලයට එක්වූ කුට්ටිගල පොලිසියේ හිටපු සැරයන් ඩබ්ලිව්. එම්. අමරදාස මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටී.

 

තමා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනා රැකියාව පසෙක දමා එදා වේදිකාවට ගොඩවුණේ රටේ ජනතාව මුහුණපා සිටි දුෂ්කරතා පිළිබඳව සලසාවිනා දේශපාලනයට සම්බන්ධ වී නොවන බව අමරදාස මහතා කියා සිටී.

 

පොලිස් දෙපාර්තමේන්තුව මගින් අරගලයට සහභාගි වූ එම පොලිස් නිලධාරීන්ගේ සේවය තහනම් කර නඩු පවරා තිබුණි.

views

166 Views

Comments

arrow-up