FEB
24
රූ රැජිනි පුෂ්පිකා ද සිල්වා පොලිසි එන දවස කියයි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු විවාහක රූ රැජිනි පුෂ්පිකා ද සිල්වා ලබන 27 වැනි දින පිළියන්දල පොලිස් ස්ථානය වෙත පැමිණෙ බව දැනුම් දී ඇත.
කෙසේ නමුත් අද පෙරවරුවේ ඇයව පිළියන්දල පොලිසිය වෙත කැදවා තිබුණද ඇයට අද දින පොලිසිය හමුවේ පෙනී සිටිය නොහැකි බව ඇය දන්වා තිබුණා.
නීතිඥවරයකු මාර්ගයෙන් ඒ බව ඇය පොලිසිය වෙත දැනුම් දී තිබුණා.
ඇය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වීම මතයි මෙම කැදවීම සිදු කොට ඇත්තේ.
732 Views
Comments