අද ජල කප්පාදුවක්

විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාප්තිය මගින් ප්‍රධාන ජල නල මාර්ගයට කන්දෙගෙදර ටැංකිය සහ උඩුගම ජල ටැංකිය සම්බන්ධ කිරීම නිසා අද දින උදෑසන 8.00සිට පැය 10ක කාලයක් පහත ප්‍රදේශ සඳහා ජල සැපයීම අත්හිටුවීමට තීරණය කර අැත.
ඒ අනුව උඩුගම,පළාපත්වල,දොස්තරවත්ත,දුම්කොළවත්ත,මකුණුගහරුප්ප,සාප්පුවත්ත,සමන්දාව,කිරිගල්පොත්ත,නිකවල බී සහ සී කොටස,මාතලේ මහ නගර සභා සීමාව,a9 මාර්ගය,තැන්න,උඩුපිල්ල,අලුවිහාරය කොටුවේගෙදර,කළු දෑවල,මන්දන්ඩාවල,කුබියන්ගොඩ,රත්තොට පාර,අගලවත්ත, පරාවත්ත, කිවුල හා විහාර පාර මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල ප්‍රවාහන හා ජල සම්පාදන මණ්ඩලය පවසයි.
698 Views
Comments