“රට තවමත් රතු කලාපයේ” - විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
15

“රට තවමත් රතු කලාපයේ” - විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

“රට තවමත් රතු කලාපයේ” - විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

රට අවදානම් තත්වයෙන් තවමත් මිදී නැතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළාය.

 

රට තවමත් පවතින්නේ රතු කලාපයේ බවද ඇය පැවසුවාය.

 

තවමත් රටෙන් දිනකට කොරෝනා ආසාදිතයන් දෙදහසක් පමණ හමුවන තත්වයක් පවතින බැවින් සමාජයේ ආසාදිතයන් 6000 කට වඩා සිටින බව අනුමාන කළ හැකි බවද  විශේෂඥ වෛද්‍යවරිය කීවාය.

 

ඩෙල්ටා ප්‍රභේදය රට පුරාම පැතිරී ඇති හෙයින් කොවිඩ් අවදානම අඩුවී ඇතැයි පැවසිය නොහැකි බව පැවසූ ගුණරත්න මහත්මිය තවත් රැල්ලක් ඇති වීම වළක්වා ගැනීමට සියලු‍ දෙනා පියවර ගත යුතු බවද වැඩි දුරටත් කීවාය. 

views

703 Views

Comments

arrow-up