SEP
29
ධීවර බෝට්ටුවක් පෙරළී දෙදෙනෙක් අතුරුදන්

මීගමුව, කුට්ටිදූව ප්‍රදේශයෙන් මුහුදු ගිය පුද්ගලයින් දෙදෙනෙක් බෝට්ටුව පෙරළීමෙන් අතුරුදන්ව ඇත.
එම පුද්ගලයින් දෙදෙනා කුඩා බෝට්ටුවකින් ඊයේ(28) උදෑසන ධීවර රැකියාව සඳහා ගොස් තිබේ.
අතුරුදන් වු ධීවරයින් දෙදෙනා සොයා මීගමුව පොලීසිය විමර්ශන ආරම්භකර ඇත.
එලෙස අතුරුදන්ව තිබෙන්නේ වයස අවුරුදු 61 හා 60ක් වු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් වන අතර ඔවුන් සොයා නාවික හමුදාව හා මීගමුව පොලීසියේ නිලධාරීන් සෝදිසි මෙහෙයුම් ආරම්භකර තිබේ.
691 Views
Comments