කැලණිය විශ්වවිද්‍යාලයේ දී ජවිපෙ හා පෙරටුගාමීන් අතර ගැටුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
03

කැලණිය විශ්වවිද්‍යාලයේ දී ජවිපෙ හා පෙරටුගාමීන් අතර ගැටුමක්

කැලණිය විශ්වවිද්‍යාලයේ දී ජවිපෙ හා පෙරටුගාමීන් අතර ගැටුමක්

කැලණිය විශ්වවිද්‍යාලයේ කන්නන්ගර නේවාසිකාගාරය තුළ ඇතිවූ ගැටුමක් හේතුවෙන් බව පවසමින් සිසුන් 05 දෙනෙකු රෝහල් ගත වී තිබේ.

 

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමීන් යන දේශපාලන පක්ෂ නියෝජනය කරන සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ දේශපාලන මත ගැටුමක් දුර දිග යෑමෙන් මෙම සිදුවීම සිදුව ඇති බවයි.

 

මේ මස 01 වන දින මෙම ගැටුම හටගෙන තිබෙන අතර එහි දී සිසුන් පිරිසක් විසින් තවත් සිසුන් 05 දෙනෙක් පමණ නේවාසිකාගාරය තුළ රඳවා තබාගෙන තිබේ.

 

පසුව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මැදිහත්වීමෙන් ඔවුන්ව මුදවා ගෙන නිවෙස් වෙත පිටත් කර හැර තිබේ.

 

නමුත් එම සිසුන් පස්දෙනා නිවෙස්වලට නොගොස් පෙරේදා (02) හෝමාගම රෝහල වෙත ඇතුළත් වී තිබේ.

 

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර තිබුණේ එම සිසුන් පස් දෙනාගෙන් තිදෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි.

 

 

views

263 Views

Comments

arrow-up