මත්පැන්වල ප්‍රමිතිය පරීක්ෂාවට නව ක්‍රමයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

මත්පැන්වල ප්‍රමිතිය පරීක්ෂාවට නව ක්‍රමයක්

මත්පැන්වල ප්‍රමිතිය පරීක්ෂාවට නව ක්‍රමයක්

දේශීය හා විදේශීය මත්පැන් වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට නව ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

 

පසුගිය දිනක පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව විසින් මේ සඳහා උපදෙස් ලබා දී තිබූ අතර දිවයින පුරා මත්පැන් අලෙවිසල්, නිෂ්පාදනාගාර සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානවල සාම්පල පරීක්ෂා කිරීමේ කටයුතු නුදුරු අනාගතයේ දීම ආරම්භ කරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

 

ඒ අනුව නියමිත ප්‍රමිතීන් උල්ලංඝනය කර ඇති මත්පැන් අලෙවිසල් සහ නිෂ්පාදනාගාර වලට එරෙහිව පියවර ගන්නා බවද සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

views

232 Views

Comments

arrow-up