ගෝඨාගේ රවි නීච වෙලා - ඉන්දික තොටවත්ත
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
22

ගෝඨාගේ රවි නීච වෙලා - ඉන්දික තොටවත්ත

ගෝඨාගේ රවි නීච වෙලා - ඉන්දික තොටවත්ත

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ විවිධ අය විවිධ මත පළකරද්දී ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත මහතාද සිය මතය ඉදිරිපත් කර තිබෙනවා. ජ්‍යොතිෂ සහ දේශපාලනික පසුබිම උපයෝගී කරගෙන ඔහු සිදුකරන මෙම අදහස් දැක්වීම ඉතා සුවිශේෂ වූවක්. රාජපක්ෂවරුන්ගේ දේශපාලන අනාගතය සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආගමනය පිළිබඳ ඔහු ඉදිරිපත් කරන අදහස් දැක්වීම අපි උපුටා ගත්තේ Sathya Vlog යූටියුබ් චැනලයෙන්.

 

රනිල් වික්‍රමසිංහ මහතා අභිනව අග්‍රාමාත්‍යවරයා හැටියට පසුගියදා දිවුරුම් දුන්නා. එම දිවුරුම් දීම රටට කොයි විදියට බලපායිද, ඔහුගේ දේශපාලන අනාගතය කොයි වගේ වෙයිද කියන කරුණු සහ මේ සිදුවීමත් එක්ක විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ පිළිබඳවත් වැඩිපුර කතා කරන්න අවශ්‍යයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා සම්බන්ධයෙන් 2020 දී මම හිතන්නේ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණා රනිල්ගේ දේශපාලනය ඉවර වෙයි කියලා. මට මතකයි සුජිත් නිශාන්ත යෝගිතුමා වීඩියෝවක් කරලා තිබුණා 2020 මහ මැතිවරණය සම්බන්ධයෙන්. එහිදී කියන්නේ රනිල්ගේ දේශපාලනය එතැනින් ඉවරයි කියලා. එම වීඩියෝවට ප්‍රතිචාර ලෙස අපි 2020 මහ මැතිවරණය කිට්ටුව කරපු වීඩියෝවකින් කිව්වා නෑ රනිල්ගෙ දේශපාලනය පටන් ගන්නේ 2020 මහ මැතිවරණයෙන් පස්සේ කියලා. ඇත්තටම ඔබට මතක ඇති රනිල් බින්දුවෙන් පටන් ගන්නේ. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් හැටියට තමයි එන්නේ. එජාපයට ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඔහු පාර්ලිමේන්තුවට එන්නේ. පාර්ලිමේන්තු ඇවිල්ලා ඉතිහාසෙ පළමු වතාවට එක මන්ත්‍රී ධුරයක් හිමි පක්ෂයකින් අග්‍රාමාත්‍යවරයෙක් ලෙස පත්වෙනවා. මේ සිදුවීම ඊළඟට කොයි විදියට ක්‍රියාත්මක වෙයිද, මේකෙ ජ්‍යොතිෂමය තත්ත්වය කොයි වගේද කියලා අපි කතා කරමු. ඊට කලින් කාරණා ගණනාවක් කතා කරන්න තියෙනවා. එකක් තමයි සඳහිරු සෑය මහින්ද රාජපක්ෂ විවෘත කරන වෙලාවෙ, එතුමාගෙ උපන් දිනය සහ ඉල් පුර පසළොස්වක පොහෝ දිනය එකම දවසට යෙදිලා තිබුණා. නොවැම්බර් 18 වැනිදා තමයි ඒ විවෘත කිරීම වුණේ. එදා චන්ද්‍රග්‍රහණ දවසක්. අපි කිව්වා චන්ද්‍රග්‍රහණයක් තියෙන දවසක මේ වගේ සුවිශේෂ කටයුත්තක් කිරීම ජ්‍යොතිෂයට විරෝධී කියලා. සාමාන්‍යයෙන් භාව කේන්ද්‍ර ගණිතය, ජයමිණි පරාශ ක්‍රමය වගේ ඉතා ගැඹුරින් ජ්‍යොතිෂය දන්න කෙනෙක් නෙවෙයි, සරල දැනුමක් තියෙන කෙනෙක්ගෙන් ඇහුවත් සරල උත්තරයක් මේකට ගන්න පුළුවන්. ඒ කියන්නේ චන්ද්‍රග්‍රහණයක් ආසන්නයේ දී දවස් තුනක් දෙපැත්තට චන්ද්‍රග්‍රහණයක් හෝ සූර්යග්‍රහණයක් ආසන්නයේදී සුබ කටයුතු කරන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයට වුවමනා වුණේ දුටුගැමුණු රජතුමා යුද ජයග්‍රහණයෙන් පස්සේ හදපු රුවන්වැලි මහ සෑයට සමාන චෛත්‍යයක් තමන් විසින් කළා කියන ගෞරවය ඇතිකරගන්න. කොහොම වුණත් අපි කිව්වා සඳහිරු සෑය විවෘත කරලා මාස හයක් ඇතුළත ඒකට සම්බන්ධ පුද්ගලයට ඉතා අසුබතාවක් ඇතිවෙන්න පුළුවන් ජ්‍යොතිෂයට අනුව කියලා. සංඛ්‍යාන විද්‍යාව අනුව අපට මේක පෙන්වන්න විදියක් නෑ ඉතිහාසයෙ මෙහෙම දේවල් වෙලා තියෙන්නේ ඉතා අඩුවෙන් නිසා. ජ්‍යොතිෂ න්‍යායන්ට අනුව මේකෙ ලොකු ගැටලුවක් තියෙන බව අපි කිව්වා. චන්ද්‍රග්‍රහණයෙන් පස්සේ ඊළඟ චන්ද්‍රග්‍රහණය වෙන්න නියමිත මේ වෙසක් පෝය දවසට. අපි මේ කතා කරන මොහොත වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්තයට බලය අහිමි වෙලා තියෙනවා.

 

ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහව මේ වෙලාවෙ අග්‍රාමාත්‍යවරයා බවට පත් කරන්නේ ගිලෙමින් ඉන්න රාජපක්ෂලට එල්ලෙන්න තියෙන අන්තිම පිදුරු ගහ හැටියට. එහෙම නැතුව ඍණ වෙච්ච ආර්ථිකය ගොඩ දාන්නවත්, අස්ථාවර වෙච්ච රට ස්ථාවර කරන්නවත් නෙවෙයි. හරියට නීතිය ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් මේ වෙලාවෙ බලයට ආවොත් අනිවාර්යයෙන් හිරේ යන්න නියමිත රාජපක්ෂලව ගලවා ගැනීමේ ගැලවුම්කාරයා හැටියට තමයි දේශපාලන උපක්‍රමයක් හැටියට සහ රාජපක්ෂ පවුලට විශ්වාසවන්තම පුද්ගලයා හැටියට තමයි මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහව ගේන්නේ අග්‍රාමාත්‍යවරයා හැටියට.

 

ගෝඨාභය රාජපක්ෂට පසුගියදා නමක් වැටුණා වෑල්ඩින් නන්දේ කියලා. හැබැයි ඒ නමට ඔහු හරිම සාධාරණය ඉටු කරන්නේ මේ මොහොතේ. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම රනිල්ව අග්‍රාමාත්‍යවරයා කරලා පොහොට්ටුවේ කොටසකුත් අරගෙන, සජබෙ කොටසකුත් අරගෙන, බදුර්දීන්ලා, හකීම්ලා අරගෙන පාස්සලා අලුත් ආණ්ඩුවක් රනිල්ට හදලා දෙන්න යෑම හරහා තමයි ඇත්තටම වෑල්ඩින් නන්දේ කියන වචනයට හරිම තේරුමක් ලැබුණේ. වෑල්ඩින් කටයුතු දැන් තමයි ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ කරන්න හදන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා බලය ගැනීම සම්බන්ධයෙන් මේ මොහොතේ රටේ ප්‍රබුද්ධ සමාජය ඉතා සවිඥානික විය යුතුයි, රනිල්ට බලය ලබා දෙන්නේ ඉතා අශිෂ්ට කටයුත්තකට. රනිල් ඉතිහාසෙ තමන්ගෙ පක්ෂ නායකත්වය අත් නොහැරියට, අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් ඔහු බල ලෝභිත්වයක් පෙන්නලා නෑ.

views

736 Views

Comments

arrow-up