කැලෑවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙක් මරුට

මුලතිව් නට්ටාන්කණ්ඩල්, සිරාට්ටිකුලම් ප්‍රදේශයේ කැලෑවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
සිරාට්ටිකුලම් ප්‍රදේශයේ කැලෑවක් තුළට ගිය පුද්ගලයෙකු කිසියම් පිපිරීමටකට හසුව බරපතල තුවාල ලබා මල්ලාවි රෝහලට රැගෙන යාමෙන් පසු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් තිබෙන්නේ නට්ටාන්කණ්ඩල් උලවනේරි ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ධර්මලිංගම් ඉලංකෝ නැමති අයෙක් බව පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා කැලෑවට ගිය හේතුව මෙතෙක් තහවුරුවී නොමැති අතරම පුපුරා ගොස් ඇත්තේ බෝම්බයක්ද යන්න පිළිබඳව සෙවීමේ කටයුතු ඊයේ(10) සිදුකරන බව නාට්ටාන්කණ්ඩල් පොලීසිය පැවසීය.
මරණය සම්බන්ධයෙන් නට්ටාන්කණ්ඩල් පොලීසිය වැඩිදුර විමර්ශණ පවත්වයි.
627 Views
Comments