FEB
06
ඇල්ලවල ඇල්ලේ තවත් ඛේදවාචකයක් - දිය නෑමට ගිය තුනක් මරුට

වැල්ලවාය, ඇල්ලවල ඇල්ලේ දිය නෑමට ගිය තුන් දෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇති අතර ඔවුන් මාතර සිට ඇල්ල ප්‍රදේශයට පැමිණ දිය නෑමට ගිය අවස්ථාවේදීයි මෙම අනතුර සිදුවුණේ.
6 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඇල්ලේ දිය නෑමට ගොස් ඇති අතර අසල තිබී කොටයක් ඇදීමට යාමේදී එය ඔවුන් මතට වැටී පිරිස දිය පහරට හසුව ගසා ගෙන ගොස් තිබෙනවා. ඉන් තිදෙනෙකුගේ දිවි බේරාගෙන ඇති අතර සෙසු තිදෙනා මිය ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.
ඉන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගෙන ඇති අතර සෙසු සිරුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
642 Views
Comments