කැලණිතිස්සට පණ එයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
23

කැලණිතිස්සට පණ එයි

කැලණිතිස්සට පණ එයි

කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු යළි ආරම්භ කර තිබේ.

 

එම බලාගාරයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අද පෙරවරු 08ට යළිත් වරක් බලාගාරයේ ජනන කටයුතු ආරම්භ කළ බවය.

 

ප්‍රමාණවත් පරිදි නැප්තා නොමැති වීම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු නවතා දමා තිබුණි.

 

කෙසේවෙතත් කැලණිතිස්ස විදුලි බලාගාරය සතුව දැනට පවතින නැප්තාවලින් යළි ජනන කටයුතු ක්‍රියාත්මක කළ ද එය තවත් දින එකහමාරක කාලයකට පමණක් ප්‍රමාණවත් වන බව එම ප්‍රකාශකයා පැවසුවේය.

 

විදුලි බල මණ්ඩලය විසින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට මුදල් නොගෙවීම හේතුවෙන් නැප්තා ලබාදීම ප්‍රතික්ෂේප කිරීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.

views

105 Views

Comments

arrow-up