ගැඹුරු මුහුදේ අතරමංව සිටි සෝමාලියා ධීවරයන් සිවුදෙනකු බේරා ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
29

ගැඹුරු මුහුදේ අතරමංව සිටි සෝමාලියා ධීවරයන් සිවුදෙනකු බේරා ගැනේ

ගැඹුරු මුහුදේ අතරමංව සිටි සෝමාලියා ධීවරයන් සිවුදෙනකු බේරා ගැනේ

ගැඹුරු මුහුදේ අතරමංව සිටි සෝමාලියානු ධීවරයන් සිව්දෙනකු බේරුවල ධීවරයන් පිරිසක් විසින්  බේරාගෙන තිබේ. 

 

ඔවුන්ගෙන් දෙදෙනකු බීනු 05 බහුදින ධීවර යාත්‍රාවෙන් ධීවර යාත්‍රා මධ්‍යම වැඩපොල අංගනය වෙත රැගෙන එන ලදී.

 

අවුරුදු 25 සහ 30 වියැති සෝමාලියානු ධීවරයන් දෙදෙනෙක් මෙලෙස රැගෙන විත් තිබේ.

 

පසුගිය අගෝස්තු 8 වනදා බේරුවල ධීවර වරායෙන් මසුන් මැරීම සඳහා මුහුදු ගොස් සිටි ධීවරයන් පිරිසකට ගැඹුරු මුහුදේදී මෙලෙස අතරමංව සිටි සෝමාලියානු ධීවර සිව්දෙනකු හමුව ඇති අතර බෝට්ටු දෙකකට දෙදෙනා බැගින් නංවාගෙන තිබේ.

 

අනෙක් දෙදෙනා නංවාගත් බහුදින ධීවර යාත්‍රාව ඉදිරි දින කිහිපය තුළ බේරුවල ධීවර වරායට ළඟාවීමට නියමිත බව වෙරළ ආරක්ෂක නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

 

බහුදින ධීවර යාත්‍රාවේ ආ මෙරට ධීවරයන් සිව්දෙනා සහ සෝමාලියානු ධීවරයන් දෙදෙනා අද(29) දිනයේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් සිදුකර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වාර්තා වේ.

 

ඔවුන් හයදෙනා මේවන විට බීනු 05 බහුදින ධීවර යාත්‍රාව තුළ නාවික හමුදාවේ සහ වෙරළ ආරක්ෂක නිලධාරීන් භාරයේ රදවා සිටි.

views

742 Views

Comments

arrow-up