ජනතා මුදලින් මාස්ක් සහ සැනිටයිසර් ගන්න යෝජනාවක් කළුතර නගර සභාව සම්මත කර ගනී

නාගරික මන්ත්‍රීවරුන්ට මුව ආවරණයක් සහ විෂබීජ නාශක දියර ලීටරය බැගින් නගර සභාවේ අරමුදලෙන් ලබා දෙන ලෙස වන යෝජනාවක් වැඩි ඡන්ද 5කින් සම්මත කරගැනීමට කලුතර නගර සභාව කටයුතු කර තිබෙනවා.
ජනතාවගේ බදු මුදලින් නාගරික මන්ත්‍රීවරුන්ට සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ මිලදී ගෙන ලබාදීමට තීරණයක් ගෙන ඇද්ද යන්න සම්බන්ධයෙන් අප කළ විමසීමකදීයි නගරාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.
ඒ අනුව පසුගිය ජූනි 15 වනදා කළුතර නගර සභාවේ මාසික සභා රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ධනුක හෙට්ටිආරච්චි මහතා විසින් මසකට විෂබීජ නාශක දියර ලීටරයක් සහ මාස්ක් 30 බැගින් නගර සභා අරමුදලින් මිලදීගෙන ලබාදෙන ලෙස ගෙනා යෝජනාවකට නගරාධිපතිවරයා විරුද්ධ වීමෙන් අනතුරුව මෙම ඡන්ද විමසීම සිදු කර තිබුණා.
කෙසේ නමුත් නගරාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් තිදෙනෙකු යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර ජනාවට පක්ෂව මන්ත්‍රීවරුන් 8 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව අදාළ යෝජනාව වැඩි ඡන්ද 5 කින් සම්මත කරගෙන තිබෙනවා.
තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අදාළ යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබෙනවා.
1320 Views
Comments