සහරාන්ගේ තවත් සහචරයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනේ

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් නම් ත්‍රස්තවාදියා සමග සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු කහටගස්දිගිලිය මුකරියාව උප තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර ඔහු විසින් 2018 වර්ෂයේ දී සහරාන් හෂීම් ඇතුළු පිරිසකට ආරක්ෂාව සපයා ඇත.
අනෙක් පුද්ගලයා මඩකළපුව බන්ධනාගාරයේ සිටි කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි අයෙකි. ඔහු සහරාන් සමග අන්තවාදී මත ප්‍රචාරයේ යෙදී ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා ත්‍රස්ත කයා විමර්ශන කොට්ඨාසය භාරය රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටියි.
922 Views
Comments