තවත් මරණ 101 ක් - මරණ 2000 සීමාව පනී
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
11

තවත් මරණ 101 ක් - මරණ 2000 සීමාව පනී

තවත් මරණ 101 ක් - මරණ 2000 සීමාව පනී

තවත් කොරෝනා මරණ 101 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

 

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 2011 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

මේ අතර මෙරටින් ඊයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 2738 දෙනා අතරට ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් 575 දෙනෙකු අයත් වන බවයි covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

 

එයිනුත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව නිට්ටඹුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබූ අතර එම ප්‍රමාණය 171ක්. එසේම කොළඹ දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයින් 339 දෙනකු ඒ හඳුනා ගෙන තිබුණා. නුවරඑළිය, මහනුවර යාපනය යන දිස්ත්‍රික්ක තුනෙන්ම ඊයේ දිනයේදී ආසාදිතයින් 100 සීමාව ඉක්මවා වාර්තා වී තිබුණා.

 

කෙසේ නමුත් ලබන සදුදා අලුයම 4 න් පසුව දැනට බල පවත්වා ඇති සංචරණ සීමා ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

 

නමුත් එම සීමාවන් ඉවත් කෙරෙන්නේ යම්කිසි සීමාවන්ට යටත්ව බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

views

957 Views

Comments

arrow-up