පැනලා ගිහින් හැංගුන කොරෝනා රෝගීන් දෙන්නෙක් වරායෙන් සොයාගනී

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට රැගෙන යාමට නියමිතව සිටි වරාය සේවකයන් දෙදෙනෙක් නිවෙස්වලින් පැනගොස් වරාය පරිශ‍්‍රයේ සැඟවී සිටිය දී සොයා ගත් බව වාර්තා වේ.
ඔවුන් නැවතත් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති අතර වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා රෝගීන් අතර ඔවුන් දෙදෙනා ද වන බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.
කොරෝනා ආසාදිත යැයි තහවුරු වීමෙන් පසු ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යන තෙක් නිවෙස් වල ආරක්ෂිතව රඳවනු ලැබ සිටියදී ඔවුන් මෙසේ පැන ගොස් ඇතැයි වාර්තා වේ.
677 Views
Comments