හොරගොල්ල ඉන්ධන පිරවුම්හලේ සිදු වූ ඝාතනයේ සැකකරු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

හොරගොල්ල ඉන්ධන පිරවුම්හලේ සිදු වූ ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

හොරගොල්ල ඉන්ධන පිරවුම්හලේ සිදු වූ ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

නිට්ටඹුව, හොරගොල්ල ඉන්ධන පිරවුම්හල අසලදී තියුණු ආයුධයකින් පහර දී යතුරුපැදිකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පළා ගොස් සිටි ත්‍රිරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිසිය සඳහන් කළේ, සැකකරු වයස අවුරුදු 40ක් වන නිට්ටඹුව පොලිස් වසමේ කත්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවය.

 

අත්අඩංගුවට ගත් සැකකරු අද (21) දිනයේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

ඊයේ (මාර්තු 20) දිනයේදී නිට්ටඹුව, හොරගොල්ල ඉන්ධන පිරවුම්හල අසලදී ඉන්ධන ලබා ගැනීමට පැමිණි යතුරුපැදිකරුවෙකු සහ ත්‍රිරෝද රථ රියැදුරෙකු අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් ත්‍රිරෝද රථ රියැදුරු විසින් යතුරුපැදිකරුට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදු කර තිබිණි.

 

තුවාලකරු වතුපිටිවල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබිණි.

 

මරණකරු වයස අවුරුදු 29ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පැවසීය.

views

678 Views

Comments

arrow-up