බැසිල් කර්මාන්ත අමාත්‍යාංශය කැඳවද්දී විමල් දීඝවාපි යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
16

බැසිල් කර්මාන්ත අමාත්‍යාංශය කැඳවද්දී විමල් දීඝවාපි යයි

බැසිල් කර්මාන්ත අමාත්‍යාංශය කැඳවද්දී විමල් දීඝවාපි යයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ (15)පෙරවරුවේ අරලියගහ මන්දීරයේ දී  කර්මාන්ත අමාත්‍යාංශය සමග සාකච්ඡාවක් සඳහා අදාළ විෂය භාර ඇමතිවරයාට සහ අදාළ නිලධාරීන් වෙත පැමිණෙන ලෙස දන්වා ඇත.


මේ සදහා කර්මාන්ත අමාත්‍යාංශය නිලධාරීන් සහ අදාළ අංශ පැමිණ ඇති අතර විෂයභාර අමාත්‍ය විමල් වීරවංශ මහතා පැමිණ නොසිටියා.

 

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙහි සහභාගී නොවී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ලංකා පිඟන් සංස්ථාවේ සභාපති ජූඩ් ප්‍රනාන්දු, එහි සාමාන්‍යාධිකාරී ආර්. එම්. එස්. ඒ. රත්නායක යන මහත්වරු සමඟ දීඝවාපී චෛත්‍යයේ ප්‍රතිසංස්කරණයට අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය සඳහා සුවිශේෂී මැටි වර්ග සහ තාක්ෂණ උපදෙස් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ලංකා පිඟන් සංස්ථාව හරහා ලබාදීමට ගොස් තිබු නිසා බව සදහන් වේ.

views

775 Views

Comments

arrow-up