APR
09
වාහන ගෙන්වීම පිළිබඳව මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

ඕනෑම ආනයනයක් සඳහා විදේශ මුදල් නිදහස් කිරීම ප්‍රමුඛතාව මත පදනම්ව එක් එක් අවස්ථාව අනුව විමසා බැලිය යුතු කරුණක් බව නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේ වාහන ආනයනය සඳහා පනවා ඇති සීමාවන් පිළිබඳව නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
ඔහු එහිදී කියා සිටියේ එලෙස ආනයනයන් සඳහා මුදල් වෙන් කිරීමේදී ජනගහණයෙන් වැඩි කොටසකට ඇති කරන සමස්ත බලපෑම සැළකිල්ලට ගත යුතු බවයි.
995 Views
Comments