ඡන්ද වැඩට ගිය පොලිස් රියට වන අලියෙක් පහරදීලා - ජීවිත අටක් බේරී ඇත්තේ අනූනවයෙන්

පළාත් පාලන ආයතන මැතිවරණ අවස්ථාවේ පොලොන්නරුවේ මුරසංචාරයේ නිරත වූ අරලගන්විල පොලිසියේ නිලධාරීන් ගමන් ගත් වෑන් රථයකට වන අලියකු පහරදීමෙන් වෑන් රථයට බරපතළ ලෙස හානි සිදුවී ඇත. එහි ගමන් ගත් පොලිස් නිලධාරීන් පස්දෙනකුගේ සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුගේ ජීවිත බේරී ඇත්තේ අනූනවයෙනි.
අරලගන්විල පොලිසියේ උප පොලිස් පරීක්ෂක ජී.ජී පේමරත්න මහතා ප්‍රධාන පොලිස් නිලධාරීන් මැතිවරණ මුර සංචාරයේ නිරත වී ආපසු ඇල්ලේ වැව සිටි අරලගන්විල පොලිසිය කරා ගමන් ගනිද්දී පෙරේදා (6) රාත්‍රි 10. 30 පමණ ඇල්ලේවැව වැව මාර්ගයේ දී වන අලියා වෑන් රථයට පහරදී තිබුණි.
මෙම මාර්ගයේ පාපැදියකින් ගමන් ගත් සිවිල් වැසියකු පිටුපස පන්නා ආ වන අලියා ඉදිරියෙන් පැමිණි වෑන් රථයට පහරදීමත් සමග වෑන් රථය නොනවත්වා කැළෑවට හරවා නැවත මාර්ගයට ගෙන දිගටම ධාවනය කර ඇත.
එසේ කර පොලිස් නිලධාරීන් 5 දෙනාගේ හා සිවිල් ආරක්ෂක නිලධාරීන් දෙදෙනාගේ ජීවිත බේරා ගැනීමට රියැදුරු සමත්වූ බව අරලගන්විල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉදුනිල් හේමපාල මහතා පැවසීය.
මෙම මාර්ගයේ ගමන් ගත් පුද්ගලයා පසු පස එලවාගෙන පැමිණි වන අලියා වෑන් රථය එම අවස්ථාවේ නොපැමිණියානම් පාපැදියේ ගමන් ගත් පුද්ගලයාට පහර දෙන බව ද අරලගන්විල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල මහතා සඳහන් කළේය.
95 Views
Comments