සරසවි සිසුවාගේ මරණය සම්බන්ධයෙන් පොලීස් විමර්ශන ඇරඹෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

සරසවි සිසුවාගේ මරණය සම්බන්ධයෙන් පොලීස් විමර්ශන ඇරඹෙයි

සරසවි සිසුවාගේ මරණය සම්බන්ධයෙන් පොලීස් විමර්ශන ඇරඹෙයි

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු ගෙල වැලලාගෙන සියදිවි නසාගැනීමට හේතු වූයේ ඔහුට නවකවදය ලබාදීමට බවට සැකකරමින් එම විශ්වවිද්‍යාලයේම තවත් සිසුවෙකු විසින් සමනළවැව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

 

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා මේ බව පවසා සිටියේය.

 

ඒ අනුව මෙම සිසුවාගේ සියදිවි නසාගැනීම සඳහා හේතු වූයේ ඔහුට නවකවදය ලබාදීම ද ? යන්න පිළිබඳව මෙන්ම එසේ නවකවදය ලබා දුන්නේ නම් එම පුද්ගලයන් හදුනාගැනීම සඳහා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක බව ඔහු පැවසීය.

 

නවකවදය යනු අපරාධමය වරදක් බැවින් යම්කිසි තැනැන්තෙකු නවකවදය ලබාදීම සඳහා සහභාගි වී තිබේ නම් ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර ඔවුන්ව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අනිවාර්යෙන් කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පවසා සිටියේය.

views

79 Views

Comments

arrow-up