මින්නේරිය බස් අනතුරෙන් දෙදෙනෙක් ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

මින්නේරිය බස් අනතුරෙන් දෙදෙනෙක් ජීවිතක්‍ෂයට

මින්නේරිය බස් අනතුරෙන් දෙදෙනෙක් ජීවිතක්‍ෂයට

පොළොන්නරුව හබරණ මාර්ගයේ මින්නේරිය යුද හමුදා කඳවුර අසලදී ඊයේ(01) පස්වරුවේ සිදුවූ බස් අනතුරෙන් තුවාල ලැබූ දෙදෙනෙකු මියගොස් තිබේ.

 

පොලීසිය සඳහන් කළේ මියගිය දෙදෙනාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවය.

 

කදුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් සහ කොළඹ සිට කදුරුවෙල දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබුණි.

 

අනතුරින් බස් රථදෙකෙහි ගමන් කළ පුද්ගලයින් තුවාල ලබා පොළොන්නරුව සහ හිඟුරක්ගොඩ රෝහල්වලට ඇතුළත් කෙරුණි.

 

අනතුර සම්බන්ධයෙන් මින්නේරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

70 Views

Comments

arrow-up