සියළුම සිපෙට්කෝ පිරවුම්හල් වැසී යාමට ආසන්නයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
23

සියළුම සිපෙට්කෝ පිරවුම්හල් වැසී යාමට ආසන්නයි

සියළුම සිපෙට්කෝ පිරවුම්හල් වැසී යාමට ආසන්නයි

ඉන්ධන ලබා ගැනීම සඳහා අත්පිට මුදල් ගෙවීම සඳහා තෙල් සංස්ථාව පනවා ඇති නව රෙගුලාසි හේතුවෙන් තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබා ගන්නා පිරවුම්හල පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ඛණිජ තෙල් බෙදුම් කරැවන්ගේ සංගමය සඳහන් කරයි.

 


එහි ලේකම් කපිල නාඔටුන්න මහතා කියා සිටියේ බැංකුවලින් නිකුත් කරන අයිරා පහසුකම් සඳහා ණය පොලිය සියයට තිස් හතරක් දක්වා ඉහල දැමීම හේතුවෙන් තමන් දැඩි අර්බුදයකට පත්ව ඇති බවයි.

 


සිපෙට්කෝ පිරවුම් හල්වලට ප්‍රමාණවත් ඉන්ධන තොග නොලැබීම හා කේත ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමට සංස්ථාව තවමත් අපොහොසත් වීම ද මීට බලපා ඇතැයි ද ඔහු පැවසීය.

views

243 Views

Comments

arrow-up