හරින් - චමින්ද ගැටේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

හරින් - චමින්ද ගැටේ

හරින් - චමින්ද ගැටේ

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු හා පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් අද(03) පාර්ලිමේන්තුවේදී සිදු වී තිබෙනවා.

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අග්‍රාමාත්‍ය ධූරය දෙන්න උත්සාහ කළත් ඔහු විසින් එය ප්‍රතික්ෂේප කළ බවත් පසුව රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරය භාරගත් බවත් කවුරුන් හෝ විපක්ෂ නායකවරයාට එවැනි ආරාධනාවක් නොකළාය යැයි කියනවා නම් ඒ වෙනුවෙන් ඔහුට දුන් ලිපිය තමාට පෙන්වන්නට හැකි බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණා.

 

මෙයට පිළිතුරු ලෙස චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කර සිටියේ හරීන් ඇමතිතුමා ගේ බෙල්ලෙ තවමත් කලු සාටකය තිබෙනවා දැයි කියා බැලිය යුතු බවයි.

 

මෙහිදී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටියේ තමාට දැන් වුවත් අදාළ ලිපිය පෙන්විය හැකි බවත් තමන් නිරපාක්ෂික වීම සඳහා ස්වයං තීන්දුව ගත් බවත් තෙල් ප්‍රශ්නය එළඹෙන දහවන දාට පෙර විසඳිය යුතු බවත් බැරිනම් අපි තීන්දුවක් ගත යුතු බවත්ය.

views

236 Views

Comments

arrow-up