සාකච්ඡා අසාර්ථකයි - වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මකයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

සාකච්ඡා අසාර්ථකයි - වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මකයි

සාකච්ඡා අසාර්ථකයි - වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මකයි

වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත ව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පරිපූරක වෛද්‍ය සෞඛ්‍ය සේවකයින් විශයභාර ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ පැවැත් වූ සාකච්ඡා අසාර්ථක වී තිබේ. වෘත්තීය සමිති පවසන්නේ මේ හේතුවෙන් සිය වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.

 

ඊයේ පෙරවරුවේ සිට ඉල්ලීම් දාහතරක් මුල් කරගනිමින් පරිපූරක අතුරු වෛද්‍ය සේවා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණි.

 

මීට පෙර හෙද නිලධාරීන්ද වැඩ වර්ජනයක නිරත වීම හේතුවෙන් රෝහල කටයුතු ඇණහිට තිබුණි.

 

වෘත්තීය සමිති වල ඉල්ලීම් පිළිබඳව කැබිනට් මණ්ඩලයේ ද සාකච්ඡා කර ඇති නමුත් ඒ පිළිබඳව අවසන් තීරණයකට එළඹ නැත.

 

 

 

 

 

 

 

 

 

 

views

1169 Views

Comments

arrow-up