සුපිරි රියෙන් කුඩු ඇද්ද චූටි උක්කුංගේ මල්ලිට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

සුපිරි රියෙන් කුඩු ඇද්ද චූටි උක්කුංගේ මල්ලිට වැඩ වරදී

සුපිරි රියෙන් කුඩු ඇද්ද චූටි උක්කුංගේ මල්ලිට වැඩ වරදී

මට්ටක්කුලිය ශාන්ත මරියා දෙව් මැදුර ඉදිරිපිටදී කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින්  සිදුකල වැටලීමකදී හෙරොයින් කිලෝ එකකට අධික තොගයක් හා රැපියල් තුන්ලක්ෂයකට අධික මුදලක් සමඟ පාතාක කල්ලි සාමාජිකයෙකු වන චූටි උක්කුංගේ මල්ලී අත්අඩංගුවට ගෙන තිබෙනවා

 

මෙම වැටලීම අද පෙරවරුවේ සිදු කොට ඇතැයි වාර්තා වෙන්නේ

 

ලද තොරතුරු මත මෙම වැටලීම සිදුකොට ඇති අතර හෙරොයින් ප්‍රවාහනය සඳහා යොදා ගත් සුඛෝපභෝගී රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා

 

එසේම මෙම හෙරොයින් කොළඹ හා ඒ අවට ප්‍රදේශයන්ට බෙදා හැරීම සඳහා රැගෙන ගොස් ඇතැයි ද වාර්තා වෙනවා

 

සැකකරු රැදවුම් නියෝග යටතේ ප්‍රශ්ණ කිරීමට නියමිතයි

 

 

 

 

views

9057 Views

Comments

arrow-up