යතුරුපැදිය ඇලට වැටී කොස්තාපල් මරුට

ඉකුත් 27 වනදා කිළිනොච්චිය පුනරීන් ලින්ක් හන්දියේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් යාපනය පොලිසියේ සේවය කළ පොලිස් නිලධාරියෙකු එම ස්ථානයේදීම ජීවිතක්‍ෂයට පත්ව තිබේ.
යාපනය පොලිසියට අනියුක්තට සේවය කල අනුරාධපුරයේ පදිංචි පී.එස්. කුමාරසිංහ (පො.කො.86284) නැමති පොලිස් නිලධාරියා නිවාඩුවක් අවසන් කොට නිවසේ සිට රාජකාරී ස්ථානය වෙත යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.
මෙම අනතුරෙන් යතුරු පැදියටද දැඩි හානි සිදුවී තිබූ අතර පුනරීන් පොලීසිය පවසන්නේ මේ මාර්ගයේ දැඩි බෑවුම් සහිත වංගුවේදී ඔහුට යතුරු පැදිය පාලනය කරගැනීමට නොහැකිව එය ලිස්සා ගොස් වතුර පිරුණු ඇලට වැටී ඇති බවයි.
පුනරීන් පොලීසිය හා කිළිනොච්චිය පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
730 Views
Comments