ගෑස් පාරිභෝගිකයාට සහන හිමිවන තීරණ රැසක්

ශ්‍රී ලංකාවේ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් කර්මාන්තය(LP) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ තීරණ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව තීරණය වී ඇත්තේ වෙළෙඳ පොළේ පවතින කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරය අඛණ්ඩව වෙළඳපොලේ අලෙවි කිරීමටයි.
එමෙන්ම ගෑස් මිල දී ගැනීම, ප්‍රවාහනය සහ ගබඩා කිරීම සඳහා හම්බන්තොට නව ගැස් පර්යන්තය භාවිතා කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා අවස්ථාව ප්‍රධාන සමාගම් දෙකටම හිමි වී තිබෙනවා.
රටට අවශ්‍ය LP ගෑස් මිලදී ගැනීමට අදාල ප්‍රසම්පාදන කටයුතු, ගබඩා කිරීම හා ප්‍රවාහනය කිරීමේ කටයුතු ක්‍රමානුකූලව පවත්වාගෙන යාමට ලාෆ්ස් සහ ලිට්රෝ සමාගම් දෙකේම අදාළ ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති නියෝජිතයින් ඇතුලත් වන ලෙස කමිටුවක් පත් කිරීමට ද මෙහිදී යෝජනා වී තිබෙනවා.
මෙම සියලු යෝජනා මාස 06ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට හා එහි උපරිම ආර්ථික ප්‍රතිලාභ මහජනතාවට ලබා දීමටත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුව තීරණයකර තිබෙනවා.
1119 Views
Comments