පානදුර පොලිසියෙන් අතුරුදන් වූ T -56 අවි දෙකක් අකුරැස්සෙන් සොයාගනී
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
10

පානදුර පොලිසියෙන් අතුරුදන් වූ T -56 අවි දෙකක් අකුරැස්සෙන් සොයාගනී

පානදුර පොලිසියෙන් අතුරුදන් වූ T -56 අවි දෙකක් අකුරැස්සෙන් සොයාගනී

පානදුර උතුර පොලිසියෙන් මීට මාස කිහිපයකට පෙර අතුරුදන්ව තිබු ටී -56 වර්ගයේ ගිවි අවි දෙක අකුරැස්සෙන් සොයාගත් බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.


 
 මෙම ගිනි අවි දෙක සමග පානදුර යුද හමදා කදවුරේ සෙබළු දෙදෙනකු සමග පස් දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


 
පසුගිය 5 වැනි දින අකුරැස්ස පොලිසියේ යතුරුපැදි සංචාරයේ නිරත පොලිස් යතුරු පැදියක ගමන්ගත් පොලිස් නිලධාරින් දෙදෙනකුට එල්ල කළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ පරික්ෂණයේදි අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් හෙළි වු තොරතුරු අනුවයි මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.


 
පාස්කු ප්‍රහාරයෙන් පසු රාජකාරියට ගිය හමුදා සෙබළෙකු විසින් පානදුර උතුර පොලිසියේදී මෙම ගිනි දෙක සොරාගෙන තිබෙනවා.

views

765 Views

Comments

arrow-up