JUN
12
දුම්රිය සේවාව අධිකාරියක් කළ යුතුයි

දුම්රිය සේවාව තව දුරටත් දෙපාර්තමේන්තුවක් ලෙස පවත්වාගෙන යමින් ගොඩ ගැනීමේ හැකියාවක් නොමැති බවත් දුම්රිය පෞද්ගලිකකරණය නොකීරීමට නම් එය අනිවාර්යෙන්ම අධිකාරියක් කළයුතු බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
වරාය අධිකාරිය සහ ටෙලිකොම් ආයතනය සංවර්ධනය කළ ආකාරයට ආයතනයේ සුළු සේවකයෙකුට හෝ හානියක් නොවන ලෙස රැකියාවේ විශ්‍රාම වැටුපේ සුරක්ෂිතතාවය ආරක්ෂා වන පරිදි දෙපාර්තමේන්තු නිලධාරීවාදයෙන් මිදී අධ්‍යක්ෂ මණ්ඩල පාලනයක් යටතේ ක්‍රියාත්මක වන ක්‍රමයකට දුම්රිය සේවාව යායුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
339 Views
Comments