කෑම ගන්න ඉන්දියාව දුන් ඩොලර්වලින් ආණ්ඩුව යකඩ හා වානේ ගෙන්වන්න යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

කෑම ගන්න ඉන්දියාව දුන් ඩොලර්වලින් ආණ්ඩුව යකඩ හා වානේ ගෙන්වන්න යයි

කෑම ගන්න ඉන්දියාව දුන් ඩොලර්වලින් ආණ්ඩුව යකඩ හා වානේ ගෙන්වන්න යයි

ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඉන්දියාව විසින් ලබාදෙන ලද ඇමෙරිකන් ඩොලර් බිලියනයක ණය සහනාධාරය යොදා ගනිමින් ඉන්දියාවෙන් යකඩ ගෙන්වීමට රජය තීරණය කර ඇත.



 මෙම ඩොලර් බිලියනයෙන් ඩොලර් මිලියන 250 ක් දැනටමත් වියදම් වී අවසන්ව තිබේ. ඉතුරු ඩොලර් මිලියන 750 යොදාගෙන මෙරටට යකඩ සහ වානේ ගෙන්වීමට නියමිතය.



 අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ගෑස්, ඉන්ධන සහ වෙනත් වෙළෙඳ ද්‍රව්‍යවල හිඟයක් රටේ විශාල වශයෙන් පවතිද්දී යකඩ සහ වානේ ගෙන්වන්නේ කුමකටදැයි ආර්ථික විiාඥයෝ සහ සමාජ ක්‍රියාකාරීන් ප්‍රශ්න කරති.



 මෙසේ යකඩ හා වානේ ගෙන්වීම පිටුපස රජයට සම්බන්ධ බලගතු ව්‍යාපාරිකයන් සිටින බවට විශ්වාස කෙරේ.



 මෙම ද්‍රව්‍ය ගෙන්වීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාගැනීම පිණිස දැනටමත් ස්ටේට් බෑන්ක් ඔෆ් ඉන්ඩියා සමඟ සාකච්ඡා පවත්වා තිබේ.



 දැනට පවතින ආර්ථික අර්බුදය නිසා යකඩ ඇතුළු ගොඩනැඟිලි ද්‍රව්‍යවල හිඟයක් ශ්‍රී ලංකාවේ පවතියි. ඒ නිසා දැවැන්ත ඉදිකිරීම් කටයුතු බොහොමයක් නැවතී ඇත.



 මේ අතර රටට අත්‍යවශ්‍ය ඉන්ධන ගෙන්වීමට ඩොලර් මිලියන 500 ක තවත් ණය සහනයක් ලබාදීමට ඉන්දියාව එකඟ වී ඇත.



 පසුගිය මාස තුනක කාලයකදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.4 ක ණය සහන ලබාදී තිබේ.

views

663 Views

Comments

arrow-up