PCR කල මන්ත්‍රීවරු 15කගේ වාර්තා එයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 3න්දෙනෙකුට කොරෝනා ආසාදනය වීමෙන් පසුව පසුගියදා බදාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.
එදින පාර්ලිමේන්තු කාර්යමණ්ඩල සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් ඇතුළු 448 දෙනෙකුගේද පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ අතර, එහි ප්‍රතිඵලද අද දිනයේදී ලැබීමට නියමිතයි.
මේ අතර, අද දිනයේද පාර්ලිමේන්තු පරිශ්‍රයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරෙනවා.
666 Views
Comments