JAN
08
මෙරට සුවය ලැබූවන්ගේ ගණන හතලිස් දහස ඉක්මවයි

මෙරට කොවිඩ් වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 656 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 40,317 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ වන විට මෙරට රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 6,241 ක් වනවා.
මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 46,780 ක්.
දිවයිනෙන් දැනට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 222 ක්.
527 Views
Comments