DEC
23
හිඟ විදුලි බිල්පත් මත සංචාරක හෝටල්වල විදුලිය විසන්ධි නොවේ

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති සංචාරක හෝටල් වල විදුලි බිල්පත් හිඟ මුදල් ගෙවීම සඳහා ලබාදී ඇති කාලය 2021 වර්ෂයේ අවසානය දක්වා දීර්ඝ කිරීමට විදුලි බල අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා උපදෙස් ලබාදී ඇත්තේ හිඟ විදුලි බිල්පත් මත එම සංචාරක හෝටල් වල විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙසයි.
මේ අනුව තවත් වසරක කාලයක් පුරා එක සමාන වාරික වලින් හිඟ බිල්පත් පියවීම සඳහා අදාල සංචාරක හෝටල්වලට අවස්ථාව උදා කර දී ඇති බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
617 Views
Comments